හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවෙයි | සිළුමිණ

හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන සියලු වියදම් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
 
එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් සිදුකරන බව එම නිවේදනයේ දැක්වේ. 
 
කැබිනට් තීරණ දැනුම් දීම සදහා ඊයේ(16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් පිළිබදව මාධ්‍ය වේදියෙකු ප්‍රශ්නයක් නැගීය. හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවයි එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළේය.
 
එහෙත් මෙම ප්‍රකාශය ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සදහා රජය මුදල් වැය කරන බව ඇගවෙන අයුරින් බවට යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
 
තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇති අතර සියලු වියදම් සදහා වැය කරන්නේ සිය පෞද්ගලික මුදල් බවට ද ඒ මහතා අවධාරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ. 
 

Comments