HNB FINANCE 12වැනි මහසභා රැස්වීම | සිළුමිණ

HNB FINANCE 12වැනි මහසභා රැස්වීම

 

 

HNB FINANCE PLC සිය 12 වන වාර්ෂික මහ සභා රැස්වීම මෙවරත් දෙමුහුන් රැස්වීමක් ලෙසට පවත්වනු ලැබීය. ඡූලි 26 වැනි දින නාවල ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයෙහි පැවති මෙම රැස්වීම සඳහා HNB FINANCE PLCහි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්, ඉදිරි පෙළ කළමනාකාරීත්ව, විගණන සමාජිකයින්, නීති උපදේශකවරු, සහ සමාගම් ලේකම් සහභාගී වූ අතර පසුගිය වසර දෙකෙහිම සිදු වූ පරිදි සමාගමේ සෙසු කොටස් හිමියන් සජීව ලෙසින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය. කෝවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා තිබූ මාර්ගෝපදේශයන් මේ වන විට ලිහිල් කර තිබුණ ද HNB FINANCE PLCහි 12වන මහ සභා රැස්වීම සඳහා ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයට පැමිණි පිරිසගේ සෞඛ්‍යා රක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වමින් ප්‍රශස්ත සෞඛ්‍යා රක්ෂිත පිළිවෙත්වලට අනුව සිය 12වන මහා සභා රැස්වීම පැවැත්වීමට HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.

Comments