හච් පාරිභෝගිකයන්ට නොමිලේ කතා කාලයක් | සිළුමිණ

හච් පාරිභෝගිකයන්ට නොමිලේ කතා කාලයක්

 

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වත්මන් ආර්ථික අර්බුදය සිය පාරිභෝගිකයින්ගේ දෛනික ජීවන වියදමට සිදුකර ඇති බලපෑම පිළිබඳව හොඳිින් අවබෝධ කරගෙන ඇත.මෙම ගැටලුුවට සහනයක් ලබාදීමේ අරමුණින්, හච් විසින් 'HUTCH Relief Recharge Bonus' වැඩසටහන හඳුන්වා දී ඇති අතර පාරිභෝගිකයින්ට ඔවුන් සිදුකරන සෑම රීචාජ් කිරීමකටම 100% ප්‍රසාද කතා කාලයක් මෙමගින් හිමිවේ. ආර්ථික වශයෙන් දුෂ්කර කාලවලදී සිය පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමට හච් විසින් දියත් කරන ලද වැඩසටහන් වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැක. මේ පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙලෙස සඳහන් කළේය. “පවත්නා ආර්ථික තත්වය හමුවේ පුද්ගලයින් මූල්‍යමය දුෂ්කරතාවයන්ට මෙන්ම තම දුරකථනය රීචාජ් කරගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිති. එබැවින් අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් ගෙවන මුදලට වැඩි කතා කාලයක් ලබාදීමේ අරමුණින් අපි මෙම වැඩසටහන දියත් කර ඇති අතර, රීචාජ් කටයුතු සඳහා නිතරම අලෙවිසැල් වෙත පැමිණීමේ අවශ්‍යතාවයද මෙමඟින් අවම කර ඇත.

Comments