මවුන්ට් ලෝටස් රෝහලෙන් ඇසේ සුද සුව කිරීමේ සැත්කම් | Page 2 | සිළුමිණ

මවුන්ට් ලෝටස් රෝහලෙන් ඇසේ සුද සුව කිරීමේ සැත්කම්

ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, ඕනෑම වයස් කාණ්ඩයක රෝගීන් සඳහා නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් සමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීම අරඹන ලදී. ඇසේ සුද ඇතිවීම අන්ධභාවයට ප්‍රධානතම හේතුවකි. ලෝක ජනගහනයෙන් මිලියන ගණනක් සම්පූර්ණ හෝ අර්ධ අන්ධභාවයෙන් පෙළෙනු ලැබේ. සිය පළපුරුදු අක්ෂි වෛද්‍ය මණ්ඩලයේ සහ මිත්‍රශීලී කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව මෙම ජාතික ප්‍රයත්නයට සහාය දීම සඳහා, අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල සූදානම්ව සිටී. ඇස ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයක් වන අතර, ශල්‍යකර්මයකට පෙර, අතරතුර සහ පසුව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. මවුන්ට් ලෝටස් රෝහල් වෛද්‍ය මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය, සැත්කමට භාජනය වන සෑම රෝගියෙකුටම සාර්ථක ප්‍රතිඵලයක් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් ගනු ලැබේ. ශල්‍යකර්මයෙන් පසු රෝගියාගේ වයස හෝ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අමතර ප්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාවයක් තිබේ නම්, රෝහල විසින් රෝගියා වාට්ටුවකට හෝ පෞද්ගලික කාමරයකට මාරු කරනු ලබන අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගියාගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වන තෙක් සමීපව නිරීක්ෂණය කරනු ලැබේ.

Comments