LOLC වෙතින් රුපියල් මිලියන 500ක මානුෂීය ව්‍යාපෘතියක් | සිළුමිණ

LOLC වෙතින් රුපියල් මිලියන 500ක මානුෂීය ව්‍යාපෘතියක්

 

ශ්‍රී ලංකාවේ මින් පෙර නොවූ විරූ අන්දමේ ආර්ථික අර්බුදය තවදුරටත් පැතිරෙමින් පවතී. එය ජනතාවගේ ජීවනෝපාය අහිමි කරමින්,සමාජය පීඩාවට පත්කරමින් මානුෂීය හදිසි තත්ත්වයක් ඇතිකර තිබේ. ආර්ථික අර්බුදය තුලින් ඇවිළුණු සිවිල් මහජන නොසන්සුන්තාව පවුල්වල ආදායම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඇතිකරන දිගු කාලීන බලපෑම තවදුරටත් ඉහල නංවයි.

මෙම අර්බුදකාරී හදිසි අවස්ථාවට කඩිනම් ප්‍රතිචාර දක්වමින්, LOLC සමූහය මේ වසරේ මැයි මස මුලදී ‘දිවි සවිය’ දීප ව්‍යාප්ත මානුෂීය ප්‍රයත්නය දියත් කරන ලදී. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි අවශ්‍යතා සහිත නිවාස ඒකක සඳහා මසක කාලයක් ආධාර පිරිනමනු ලැබීය. මෙම ප්‍රයත්නයේදී දැනටමත් දරිද්‍රතා සීමාවෙන් පහළසිටින, ජීවනෝපාය අහිමිවීමෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන, ආහාර හිඟය සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමෙන් පිඩාවට පත් දිවයින පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් හඳුනාගැනීමට හැකි විය. මෙම ආරම්භක මෙහෙයුමේදී විශාල වශයෙන් ඉල්ලීම් පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සලකුණු කරන ලද අතර, අවදානමට ලක්විය හැකි මෙතෙක් ප්‍රවේශ නොවූ ජන කොටස් රැසක් හඳුනා ගැනීමට හැකිවිය.

මෙවර පුළුල් ප්‍රශයත්නයක් ලෙස අඛණ්ඩ මෙහෙයුමක් සඳහා කැපවෙමින්, ‘LOLC දිවි සවිය’ තවත් වාරයක් 2022 ජූලි මාසයේදී ආරම්භ වූ අතර, දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිද්දෙන් එකිනෙකට වෙනස් චක්‍ර 3ක් ඔස්සේ එය ක්‍රියාත්මක වනු ඇත.‘දිවි සවිය’ දෙවන අදියර මාර්ග සිතියම මඟින් මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී ජන ජීවිතයට එල්ල වන බලපෑම් සමනය කිරීමේ අවශ්‍යතාව පිළිගනිමින් දිගුකාලීන ප්‍රකෘතිමත් වීමක් අපේක්ෂා කරයි.

Comments