මහජන බැංකුවේ වාසි කෝටියයි මිලියනපතිනියට හිමි තිළිණය කුවේට්හිදී පිරිනැමේ | සිළුමිණ

මහජන බැංකුවේ වාසි කෝටියයි මිලියනපතිනියට හිමි තිළිණය කුවේට්හිදී පිරිනැමේ

 

මහජන බැංකුවේ People's Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ අප්‍රේල් මස මිලියනපතිනිය වන ඒ. නාගලෙච්චමී හිමි චෙක්පත කුවේට්හි ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් ජවුහර් හා එහි තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ඩබ්ලිව්. ඒ යූ පෝෂිත පෙරේරා අතින් ඇය වෙත පිරිනැමීම පසුගියදා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිදුකෙරිණි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, People's Remittance වාසි කෝටියයි, දිනුම් ඇදීම මහජන බැංකුව විසින් පෙබරවාරි 1 වැනිදා සිට ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරාගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. එමෙන්ම රුපියල් මිලියනයේ මාසික ජයග්‍රාහකයින් සෑම මාසයකදීම තෝරාගන්නා අතර, තවත් සතිපතා වාසනාවන්ත ජයග්‍රාහකයින් 48 දෙනෙකුට කැරට් 22 රන් කාසි ද, 2022 දෙසැම්බර් 31 දක්වා තෝරාගන්නා දිනපතා ජයග්‍රාහකයින් 334 දෙනෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග ද පිරිනැමේ.

2022 පෙබරවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා අතර කාලය තුළ මහජන බැංකු ගිණුම්වලට, මහජන බැංකුව හරහා වෙනත් බැංකු ගිණුම්වලට විදෙස් මුදල් ප්‍රේෂණය කරන සහ WU,Ria හෝ ඊට සමාන වෙනත් මාධ්‍යයන් ඔස්සේ මහජන බැංකු ශාඛා වලින් ප්‍රේෂණ මුදල් ලබාගන්නා සියලුම ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබති. වැඩියෙන් එවන තරමට දිනුම් අවස්ථා වැඩිවේ.

Comments