ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් Flexiprint පිදුම් ලබයි | සිළුමිණ

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් Flexiprint පිදුම් ලබයි

 

ශ්‍රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදනයේ ප්‍රමුඛපෙළේ සමාගමක් වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ ඉසුරු අබේවික්‍රම සහ කණ්ඩායම එම සම්මාන ලබා ගත්තේය.1994දී ඇරැඹූ Flexiprint සමාගම වර්තමානයේදී දෙස් විදෙස් කීර්තියට පත් ඇසුරුම් නිෂ්පාදන ආයතනයකි. දේශීය සහ විදේශීය තේ වෙළෙඳපොළට ඉතා උසස් තත්ත්වයේ තේ බෑග් ටැග් සහ තේ බෑග් කවර නිෂ්පාදනය කරන මෙම සමාගම ෆ්ලෙක් සොග්‍රැපි තාක්ෂණය සහ ජලය සමඟ මිශ්‍ර කරගත් තීන්ත භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අගනා තේ ඇසුරුම් නිපදවයි. 1994දී එක් යන්ත්‍රයක් භාවිත කර සේවක සේවිකාවන් 10 දෙනෙකුගෙන් ඇරැඹූ Flexiprint ආයතනය වර්තමානයේදී යන්ත්‍ර අටකින් සහ 275කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විතය.

ඕනෑම ප්‍රමාණයක ඇණැවුමක් කලට වේලාවට සැපැයීමට අවශ්‍ය විශිෂ්ට තාක්ෂණික දැනුම සමාගම සතුය.තේබෑග් ටැග්,තේ බෑග් කවර සහ පීරමීඩ හැඩැති තේ කවර ඇතුළු විවිධාකාරයේ තේ ඇසුරුම් රැසක් Flexiprint සමාගමේ නිෂ්පාදන අතර වේ.

පවතින අභියෝගාත්ම කාලයේදී පවා නිෂ්පාදන අවශ්‍යතා සැපිරීමට අදාළ උපක්‍රමික වැඩපිළිවෙක් අනුව සමාගම ක්‍රියා කරයි.

Comments