ඔයිල්පාම් කර්මාන්තකරුවන්ගෙන් පරිසර දිනයට මී පැළ සහ දේශීය ශාක ලක්ෂයක් | Page 2 | සිළුමිණ

ඔයිල්පාම් කර්මාන්තකරුවන්ගෙන් පරිසර දිනයට මී පැළ සහ දේශීය ශාක ලක්ෂයක්

 

ශ්‍රී ලංකා ඔයිල්පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය 2022 ලෝක පරිසර දිනයට සමගාමීව සිය වගාභුමි ආශ්‍රිතව මී පැළ සහ දේශීය ශාක ලක්ෂයක් 100,000ක් සිටුවීමේ Together with Mee ජාතික පාරිසරික තිරසාරභාවය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් දියත් කළේය. ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මී පැළ 5,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ ඒකාබද්ධව එම වතුයායන්වල රෝපණය කළේය.

Together with Mee රුක් රෝපණ වැඩසටහන එළඹෙන 2023 ලෝක පරිසර දිනය වනවිට මී පැළ ලක්ෂයක් තවත් ඒකදේශීය ශාකයන් සමඟ රෝපණය කර අවසන් කිරීමට ශ්‍රී ලංකා ඔයිල්පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය බලාපොරොත්තු වේ.

දේශීය සම්පත් දායකයන් වශයෙන් ශ්‍රී ලංකා ආර්ථික ස්ථාවරත්වය කරා රැගෙන යමින් මෙරට පාම්ඔයිල් අවශ්‍යතාව සපුරාලමින් ශ්‍රී ලංකා ඔයිල් පාම්වලින් ස්වයංපෝෂිත කරලීම සඳහා යන ගමන් මඟේ පාරිසරික තිරසාර භාවය ඉහළ නැංවීමට, ශ්‍රී ලංකා ඔයිල්පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය නිරතුරුව කැප වී සිටී.

Comments