ශ්‍රීමත්ගේ කට­හ­ඬට වසර 24යි | Page 3 | සිළුමිණ

ශ්‍රීමත්ගේ කට­හ­ඬට වසර 24යි

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවේදන පාඨමාලාව ලෙස වැඩිම නිවේදක නිවේදිකාවන් පිරිසක් මාධ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කොට අගෝස්තු 1 වැනිදාට වසර 24 ක් සපිරුණි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ දශක 03 ක අත්දැකීම් සපිරි ප්‍රවීණ ගුවන්විදුලි - රූපවාහිනි නිවේදක, පුවත්පත් කලාවේදී, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතාගේ සංකල්පයක් මත 1998 අගෝස්තු 1 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.එම්. ගුණසේකර සූරීන්ට උපහාර පුදමින් මරදානේ එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී කටහඬ ආරම්භ කෙරිණි.

කටහඬ 24 වැනි සංවත්සරය නිමිත්තෙන් අගෝස්තු 1 වැනිදා සවස 5ට ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරයේදී විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි.

 

 

Comments