පොහොර සමා­ගමේ කෝටි 5ක පාඩු­වක් | සිළුමිණ

පොහොර සමා­ගමේ කෝටි 5ක පාඩු­වක්

ලංකා පොහොර සමාගම විසින් සහනාධාර පොහොර තොග නිසි කළමනාකරණයෙන් යුතුව බෙදාහැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් රජයට රුපියල් රුපියල් පන්කෝටි තිස් අට ලක්ෂ දාහතර දහස් හයසියක (53,814,600) ක පාඩුවක් සිදු ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ලංකා පොහොර සමාගම සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

2019 වර්ෂය තුළ රුපියල් හාරකෝටි විසිඅටලක්ෂ අටදහස් දෙසියක් (40,288,200)ක් පමණ වටිනා පොහොර  මෙට්‍රික්ටොන් 671.47 ක් සහ 2020 වර්ෂය තුළ රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂ විසිහයදහස් හාරසියයක් වටිනා (13,526,400) සහනාධාර පොහොර මෙට්‍රික් ටොන් 225,44 ක් ගොවින් වෙත බෙදාහැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට මෙකී අලාභය වී ඇති බැව් විගණනය මගින් අනාවරණය කොට ඇත. කෙසේවුවද ලක්පොහොර සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට මේ සම්බන්ධව ප්‍රකාශකොට ඇත්තේ විගණන වාර්තාවේ රුපියල් මිලියන 53.8ක අලාභයක් සදහන් වුවද එය බෙදාහැරිමේ අකාර්යක්ෂමතාවයක් මත සිදුවුවක් නොවන බවය. විවිධ හේතුමත වසර පහක සිට පොහොර ගබඩාවලින් නිකුත් නොවි ඉතිරිව තිබු පොහොර තොග ප්‍රධාන ගබඩා සංකීර්ණයේ වෙනම ස්ථානයක ගබඩාකර තිබු බවය. මෙකි පොහොර තොග සම්බන්දයෙන් ගබඩාවේ ඉඩකඩ ඇහිරී තිබීම නිසා අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත්කොට අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත රජය විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපොළවල් ත්‍රිවිධ හමුදාව, සිවිල්ආරක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර වැනි රාජ්‍ය ආයතන වෙත නොමිලේ නිකුත් කිරිමට කටයුතු කර ඇති බවය.සමාගමට අලාභයක් සිදු නොවන අයුරින් කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

 

Comments