ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජපානයේ අධ්‍යාපන සංස්කෘතික ක්‍රීඩා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් එරට IE - NO-HIKARI ASSOCIATION AGRICULTURAL CO - OPERATIVES සමූහය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර ලෝක ළමා චිත්‍ර තරඟය සහ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ දරු දැරියනට තම චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
තරඟාවලි දෙකම සඳහා කැමති ඕනෑම තේමාවක් යටතේ නිදහස් චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර ජපානයේ IE - NO-HIKARI චිත්‍ර තරඟය සඳහා චිත්‍ර නිර්මාණ අගෝස්තු මස 30 වන දින අවසන් වන අතර, ජපානයේ PENTAL 53 වන ජාත්‍යන්තර චිත්‍ර තරඟය සඳහා චිත්‍ර භාර ගැනීම ලබන සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වනු ඇත.
මෙම අන්තර්ජාතික ළමා චිත්‍ර තරඟ දෙකෙහි සියලු විස්තර නිර්දේශිත අයදුම් පත් සඳහා 0772828803 සහ 0719671515 අමතන්න. චිත්‍රකලා උපදේශක ශ්‍රී ලංකා ළමා චිත්‍ර කලාකේන්ද්‍රය, නො: 98, උණවටුන (ගාල්ල) ලිපිනයෙන් ලබාගන්න.