මාර්ග අධි­කා­රිය කෝටි 16ක වැඩි­පුර වැටුප් ගෙවලා | Page 3 | සිළුමිණ

මාර්ග අධි­කා­රිය කෝටි 16ක වැඩි­පුර වැටුප් ගෙවලා

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියමයන් නොසලකා හැර අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණමත එහි සේවකයින්ට උසස්වීම් ලබාදී අනුමත නොකරන ලද වැටුප් පරිමාණයන් මත නව තනතුරු සදහා වැටුප් ගෙවීම නිසා 2020 වර්ෂය තුළ ආසන්න වශයෙන් වැඩිපුර ගෙවා ඇති වැටුප රුපියල් කෝටි 16ක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණමත අනුමත නොකළ වැටුප් පරිමානයන් මත නව තනතුරු සදහා වැටුප් පියවර ලබාදි තිබුණි.

 

Comments