
අගෝස්තු 9 වෙනිදා කොළඹට පැමිණෙන ලෙස විවිධ පාර්ශ්වයන් විසින් තරුණ පරපුර උසි ගැන්වීම හරහා ඔවුන්ගේ අනාගතය අඳුරු කිරීමට කටයුතු කර ඇතැයිද එම උසි ගැන්වීම්වලින් දරුවන් බේරා ගැනීමට කටයුතු කරන්නැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සිළුමිණට කීය.
ප්රජාතන්ත්රවාදී රටක් ලෙස මෙරට උද්ඝෝෂණ කිරීමේ අයිතිය තිබෙන බවත් එහෙත් උද්ඝෝෂණ මුවාවෙන් විනාශකාරී කඩාකප්පල්කාරී නිතී විරෝධී ක්රියාවන්හි නිරත වීමට කිසිවකුට හෝ ඉඩක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. එසේ කටයුතු කරන්නේ බංකොලොත් දේශපාලන පක්ෂයන් වෙනත් නීති විරෝධී ක්රමවේදයන්ගෙන් බලයට පැමිණීමට උත්සාහ කිරීමට බවත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්රියාවට නැංවිය යුතු බවත් පෙන්වා දුන්නේය.
මෙරට නීතියට අනුව යහපත් ක්රියාවන්ගෙන් තොර අයට රජයේ රැකියාවන් ලබා ගැනීමට මෙන්ම පොලිස් වාර්තා ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් බොහෝ අය ඒ ගැන නොදන්න බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපති මන්දිරයේ බඩු සොරකම් කිරීම අගමැති ම්න්දිරයට ගිනි තැබීම, දේශපාලකයන්ට පහර දීම ඝාතනය කිරීම වැනි ක්රියාවන් කිසිසේත්ම සාමකාමී උද්ඝෝෂණයන් නොවන බව පෙන්වා දුන් සරත් වීරසේකරයන් පැවසුවේ එසේ නීති විරෝධී කටයුතු කර අධිකරණයේ නඩු පැවරී වරදකරුවකු වුවහොත් එම තැනැත්තා පමණක් නොව ඔහුගේ පවුලේ අයවළුන්ට පමණක් නොව ඔහු ඇසුරු කරන සමීපතමයින්ට පවා පොලිස් වාර්තා ලබා ගැනීමට නොහැකි වීම තුළ අනාගතයේ ඔවුන්ගේ අනාගතය අඳුරු වන බවත් බව ඔහු පෙන්වා දුන්නේය.