ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් අධිකරණ ඇමති හමුවෙයි | සිළුමිණ

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් අධිකරණ ඇමති හමුවෙයි

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යන්ග් තායි (Tan Yang Thai) මහතා අතර හමුවක්  ඊයේ (28) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
 
විශේෂයෙන්ම මෙහිදී දෙරට අතර පවතින වෙළඳ සහ රාජතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ද්වීපාර්ශවික සබදතා වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.
 
දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බවත් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සදහා මැලේසියානු රජයේ සහයෝගය අතිශයින් වැදගත් බවත් අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
 
ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, මහකොමසාරිස්තුමා එහිදී පැවසීය.
 
අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ) තුෂාර සුරවීර මහතා හා මැලේසියානු මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙක් මෙම අවස්ථාව සදහා එක් විය.

Comments