බස්නාහිර වාහන ආදායම් බලපත්‍රවලට සහනයක් | Page 3 | සිළුමිණ

බස්නාහිර වාහන ආදායම් බලපත්‍රවලට සහනයක්

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ලබන 29 වැනිදා තෙක් දඩ මුදල් අය නොකිරීමට තිීරණය කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ එම් ජයන්ති විජේතුංග මහත්මිය පවසයි.
 
ඉන්ධන ගැටඵව නිසා ජනතාවට ඒ සඳහා පැමිණීමට දුෂ්කරවීම මත මෙම තිීරණය ගෙන තිබේ.
 
ඒ අනුව ජුලි මස 29වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සදහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත.
 
බස්නාහිර පළාත් මෝටර් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩිවියවන www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට අවකාශය සලසා ඇතැයි ද ඇය සඳහන් කරයි. 

Comments