අධ්‍යාපනයේ වැඩ බලන්න ඇමති බන්දුල | සිළුමිණ

අධ්‍යාපනයේ වැඩ බලන්න ඇමති බන්දුල

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) උදෑසන වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
 
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා නිල සංචාරයක් වෙනුවෙන් විදෙස් ගත වීම හේතුවෙන් එම අමාත්‍යාංශයේ වැඩ බැලීම සඳහා බන්දුල ගුණවර්ධන මහතාව මෙලෙස පත් කර ඇත. 
 
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වාද අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. 

Comments