ZTE Blade V30 දැවැන්ත තිරයක්, සුපිරි කැමරා පද්ධතියක් සමඟ දැන් වෙ‍ෙළඳපොළේ | සිළුමිණ

ZTE Blade V30 දැවැන්ත තිරයක්, සුපිරි කැමරා පද්ධතියක් සමඟ දැන් වෙ‍ෙළඳපොළේ

ZTE වෙ‍ෙළඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකථන මාදිලි අතර සුවිශේෂී මාදිලියක් වන ZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද උදා වී තිබේ. ZTE Blade V30 ස්මාර්ට් දුරකථන දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මිලදී ගත හැක. 4GB RAM සහ 128GB ROM සහිත ZTE Blade V30 මාදිලියේ වඩාත්ම කැපීපෙනෙන අංග දෙකක් වන්නේ, එහි සුවිශේෂී කැමරාව සහ දර්ශන තිරයයි. එහි යොදා ඇත්තේ 6.67” Full HD 20:9, 2400*100+ Punch Hole Display වර්ගයේ දර්ශන තිරයකි. මෙය දුරකථනය භාවිතා කරමින් වීඩියෝ දර්ශන නැරඹීම, සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම ආදිය සිදුකරන කොයිකාටත් පෙර නොවූවිරූ සුවිශේෂී අත්දැකීමක් ගෙනෙනු ඇත. ජීවිතයේ සුවිශේෂී අවස්ථා කැමරාවට හසුකර ගැනීම අද දවසේ අප කාගේත් ජීවන රටාවන්හි අනිවාර්ය අංගයකි. ZTE Blade V30 මාදිලියෙහි පසුපස යොදා ඇති 64MP+8MP+5MP+2MP කැමරා පද්ධතිය, ඡායාරූප සහ වීඩියෝ දර්ශන නවතම මානයක් වෙත රැගෙන යයි. මේ නිසා ZTE Blade V30 භාවිතා කරන්නන්ට, තම ජීවිත වල සදානුස්මරණීය මොහොතවල් සදාතනික කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. තවද සෙල්ෆි ඡායාරූප සඳහා මෙහි ඉදිරිපස 16MP AI Quad Front කැමරාවක් ද සහිතව ඔබ අතට පත් වේ.

 

Comments