SDB බැංකුව පළමු කාර්තුවේම 2022 මූල්‍ය වර්ෂයට ස්ථාවර ආරම්භයක් ගනී | සිළුමිණ

SDB බැංකුව පළමු කාර්තුවේම 2022 මූල්‍ය වර්ෂයට ස්ථාවර ආරම්භයක් ගනී

පසුගිය මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 181ක ලාභයක් වාර්තා කරමින් SDB බැංකුව 2022 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා ඇත. එම කාර්තුවේ ශුද්ධ පොලී අනුපාතය රුපියල් මිලියන 1968ක් වාර්තා කර ඇති අතර එය 2021 වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව 21%ක වර්ධනයක් පෙන්නුම් කරයි. පළමු කාර්තුවේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 2.17ක් වාර්තා කර ඇති අතර එය 19%ක වර්ධනයකි. මේ සියල්ල නිසා මෙරට පවතින ආර්ථික පරිසරය යටතේ වුව ද SDB බැංකුව 2022 වසරේ වඩාත් ස්ථායිම සහ ස්ථාවරම බැංකු අතරට එක් වීමට ද සමත්ව ඇත. එසේම 2022 මාර්තු 31 වැනි දින වන විට බැංකුවේ ප්‍රාග්ධන ප්‍රාමාණික අනුපාතය සහ සෙසු ද්‍රවශීලී අනුපාතයන් (Liquidity Ratios) අවම නියාමන අනුපාතයන්ට වඩා පැහැදිලිවම ඉහළ අගයක් ගෙන ඇත. තව ද, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වශයෙන් SDB බැංකුව ව්‍යවහාරික විදේශීය මුදල් අවධානම්වලට සහ විනිමය අනුපාත අස්ථාවරත්වයට නිරාවරණය වී ඇත්තේ ද ඉතාම අවම වශයෙනි.

Comments