INSEE සිමෙන්ති වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් දහදාහක් පරිත්‍යාග කරයි | සිළුමිණ

INSEE සිමෙන්ති වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් දහදාහක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස Erythropoietin (EPO) එන්නත් මාත්‍රා 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන රෝගීන්ගේ රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධවල අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ හදිසි ඉල්ලීමකට අනුව INSEE සිමෙන්ති (ශ්‍රී ලංකා) සමාගමේ මව් සමාගම වන තායිලන්තයේ සියම් සිටි පොදු සමාගම (Siam City Cement Public Limited) විසින් රුපියල් මිලියන 40 ක් වටිනා මෙම ඖෂධ තොගය පරිත්‍යාග කෙරිණි. මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් සහභාගි විය.

Comments