HNB FINANCE-MoneyGram සමඟ එතෙර මුදල් ගෙන්වා ගැනීමට පහසුකම් | සිළුමිණ

HNB FINANCE-MoneyGram සමඟ එතෙර මුදල් ගෙන්වා ගැනීමට පහසුකම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නා වන HNB FINANCE PLC" ශ්‍රී ලංකාවට මුදල් එවීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට පහසු සහ කාර්යක්ෂම ප්‍ර වේෂණ සේවා සක්‍රීය කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ P2P ගෙවීම් සහ මුදල් හුවමාරු පහසුකම් සපයන MoneyGram සමඟ හවුල්කාරිත්වයක් ඇති කරගන්නා ලදි.

HNB FINANCE හි පුද්ගලයාගෙන් පුද්ගලයාට ආව්ණික සහ පාරිභෝගිකයා අරමුණු කර ගත් සේවා සැපයිම සමඟින් මෙම හවුල්කාරිත්වය තුළින් ඩිජිටල් පද්ධතීන් සහ මුදල් ලබාගත හැකි ස්ථාන යන දෙඅංශයෙන්ම ගෝලීය වශයෙන් පුළුල් ලෙස ව්‍යාප්තව ඇති MoneyGram සේවාවන් වඩාත් පහසු සහ වේගවත්ව ලබා දීිම මෙහි අරමුණ වී ඇත.

එතෙර සිට එවන මුදල් වඩාත් සුරක්ෂිතව සහ වඩාත් වේගවත්ව පාරිභෝගිකයින් අතට පත් කිරීම අපගේ මූලික අරමුණයි.

මෙහිදී ආයතනික විශ්වසනීය භාවය අතිශය වැදගත් වන අතර මූල්‍ය ක්ෂේ ත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් සහිත HNB FINANCE සමාගම විසින් මෙම සේවාව පිරිනැමීම තුළින් පාරිභෝගික ආකර්ෂණය මෙම සේවාව වෙත නිබඳවම හිමිවන බව අපට විශ්වාසයි” යනුවෙන් MoneyGram සේවාව සමග වූ හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB FINANCE හි මූල්‍ය සේවා සංවර්ධන, ව්‍යාපාරික ණය සහ ආයතනික ව්‍යාපාර ප්‍රධානී ශානක පෙරේරා මහතා පැවසීය.

MoneyGram ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය විනිමය අනුපාතයක් යටතේ ශ්‍රී ලංකාවේ සිටින සිය මිතුරන්ට සහ පවුලේ අයට එතෙර සිට මුදල් එවීමට හැකියාව ලබා දී ඇත.

Comments