BCS ආයතනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත සංවර්ධනයට කැපවේ | සිළුමිණ

BCS ආයතනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත සංවර්ධනයට කැපවේ

BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව, පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් 24වැනි වරටත් සංවිධානය කරන ලද ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල - NBQSA 2022, දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දෙයි. මේ හරහා ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන හා සේවා සඳහා අන්තර්ජාතික තලයකදී තරග කරවීමට සුවිශේෂී වේදිකාවක් නිර්මාණය කරයි. මෙම සුවිශේෂී සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් එහි සභාපති සන්හර්ෂ ජයතිස්ස මහතා මෙලෙස පවසා සිටියි. "ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල - NBQSA 2022 හි සභාපතීත්වය දැරීමට අවස්ථාව හිමිවීම ඉතා ගෞරවයක්. මෙවර තරගාවලිය ආරම්භ වන තෙක් අප නොඉවසිල්ලෙන් බලාසිටින අතර, මේ හරහා දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය ඉහළ තලයකට රැගෙන ඒමට අප කටයුතු කරනවා."

Comments