AIA ඉන්ෂුවරන්ස් සමාගම මොනරාගල SOS ළමා ගම්මානයට අත දෙයි | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් සමාගම මොනරාගල SOS ළමා ගම්මානයට අත දෙයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ආර්ථික අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ දී 2022 වසර පුරාවට මොනරාගල SOS ළමා ගම්මානයේ වෙසෙන දරුවන්ගේ අධ්‍යාපනයට සහ ඔවුන්ව හදාවඩා ගැනීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමට ප්‍රතිඥා ලබා දුන්නා. මෙම දායකත්වය ලබාදීමේ උත්සවය නොබෝදා මොනරාගල SOS ළමා ගම්මානයේ දී පවත්වනු ලැබුවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයින්, සමාගමේ විධායක නිලධාරිනිය, සමාගමේ නියෝජ්‍ය විධායක නිලධාරී ඇතුළුව ෙජ්‍යෂ්ඨ කළමනාකාරීත්වය, AIA මොනරාගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාරිත්වය සහ එහි අලෙවි බළකා සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී වෙමින් එම දරුවන් සහ ඔවුන්ව ඇතිදැඩි කිරීමට සහය වන මව්වරුන් සමඟින් සුහදව කාලය ගත කිරීමට මෙය අවස්ථාවක් කරගත්තා.

Comments