සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විුත් යතුරුපැදි ව්‍යාපෘතිය ‘Rodha’ සමඟ අත්වැල් බැඳගනී | සිළුමිණ

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විුත් යතුරුපැදි ව්‍යාපෘතිය ‘Rodha’ සමඟ අත්වැල් බැඳගනී

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ප්‍රථම විද්‍යුත් පාපැදිය සැලසුම් කර නිෂ්පාදනය කිරීමේ කටයුතු වල නිරත වී සිටින Rodha Life (පුද්.) සමාගම සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය මඟින්, Rhoda Life සමාගම හට නවෝත්පාදනය මුල්කරගත් පුරෝගාමී දේශීය ප්‍රවාහන විසඳුම් සමාගමක් බවට පත්වීම සඳහා දරන උත්සාහය තුළ ඔවුන්ට ඉහළම තලයේ බැංකු සේවාවන් ඇතුළුව ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇත. ,සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ ඔවුන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රමුඛතම අවධානයක් යොමු වී තිබෙනවා. COVID-19 කාලසීමාව තුළ මෙම ව්‍යාපාර කාණ්ඩයට සහය වීම සඳහා පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ තුන්වැනියට විශාලතම දායකත්වය ලබාදුන්නේ සෙලාන් බැංකුවයි. මේ ක්ෂේත්‍රයන් වෙනුවෙන් අප ආරම්භ කළ ව්‍යාපෘති තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. Rhoda සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය අපට විශේෂ සන්ධිස්ථානයක්. අපගේ හවුල්කරුවන්ගේ ඉදිරි ගමන තුළ ඔවුන් තනි නොකරන බවට අප ලබා දී ඇති පොරොන්දුව එමඟින් නැවත වරක් අවධාරණය කෙරෙනවා. ඔබගේ බැංකුව ලෙස, ඔබගේ සැබෑ හැකියාවන් මතුකර ගැනීම සඳහා ඔබට සහය වීමට අප සූදානම්. බාධාවන්ට අභියෝග කරමින් ඉදිරියට යන ඔබේ ආකල්ප වලට අප ගරු කරනවා. ඔබගේ උත්සාහයන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයේ සහයෝගයක් ඔබට ලබාදීමට අප සූදානම්., සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගමික ද සිල්වා මහතා පැවසී ය.

 

Comments