ඔබ අපහසුතාවට පත් කරන පාලනයෙන් තොරව මුත්‍රා පිටවීම පාලනය කරන්නේ මෙහෙමයි | සිළුමිණ

ඔබ අපහසුතාවට පත් කරන පාලනයෙන් තොරව මුත්‍රා පිටවීම පාලනය කරන්නේ මෙහෙමයි

වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම රාශියක් ද මේ රෝගය සඳහා පවතී. මාංශපේශී ව්‍යායාම, ඖෂධ හා සැත්කම් ඉන් ප්‍රධානයි

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ උදරයේ ඇති මාංශපේශී මඳක් දුර්වල ස්වභාවයක් ගන්නා නිසා එවැනි අවස්ථාවලද මෙවැනි රෝග ඇති වීමට  ඉඩකඩ පවතිනවා

ඉබේ මුත්‍රා පිටවීම පාලනය කරගැනීමට ශරීරයේ ස්කන්ධ දර්ශකය මනාව පාලනය කර ගැනීම වැදගත්. ඔබේ ආහාර රටාව සකසා ගැනීමේදී ද ස්ථුලතාව වැඩි කරවන ආහාර ගැනීමෙන් වැළකිය යුතු වේ. කෙඳි සහිත ආහාර නිතර ආහාරයට එකතු කර ගන්න. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය පානය කරන්න. දීර්ඝකාලීනව කැස්ස තියෙන කාන්තාවක් නම් එය සුව කර ගන්න. දුම් පානය නොකරන්නේ නම් වැදගත්

ඔබටත් කිවිසුමක් යන විට මුත්‍රා පිට වෙනවාද? තවමත් එය සඟවා ගත් රහසක් ද? අද අපගේ වෛද්‍ය සාකච්ඡාව කැස්සත් සමඟ මුත්‍රා පිටවීම ගැනයි. මේ පිළිබඳ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් විද්‍යාත්මක ඇසින් කරුණු පහදා දුන්නේ මෙසේ ය.

Stress incontinence හෙවත් කියන්නෙ තමන්ට නොදැනුවත්වම තමන්ගේ උදර කුහරයේ පීඩනය වැඩි වන අවස්ථාවන්හිදී මුත්‍රා පිටවීමයි. මෙය දරුවන් බිහි කළ කාන්තා පිරිස් අතර සුලබව දක්නට ලැබෙන රෝගයක් ලෙසත් හඳුනාගත හැකිය. කැස්සක් කිවිසුමක් යෑමෙදී, ඈනුමක් අරින විට, බර වැඩ කරන විට මෙම මුත්‍රා පිටවීම ඔබේ පාලනයෙන් තොරව සිදු වන අවස්ථාවන් වේ.

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ උදරයේ ඇති මාංශපේශී මඳක් දුර්වල ස්වභාවයක් ගනී. එවැනි අවස්ථාවලද මෙවැනි රෝග ඇති වීමට ඉඩකඩ පවතී. මීට අමතරව දීර්ඝ කාලීනව කැස්ස තිබෙන කාන්තාවන්, ශරීර ස්කන්ධ දර්ශකය වැඩි කාන්තාවන්, දුම් පානය කරන කාන්තාවන්, බර වැඩ වල යෙදෙන කාන්තාවන්, පෙර අවස්ථාවකදී උදර කුහරයේ සැත්කමක් සිදු කර ඇති කාන්තාවන්, දරු උපත් හතරක් හෝ පහක් සිදුකරන අවස්ථාවේ සිටින කාන්තාවන් හා මැදි වයසේ සිට මහලු විය දක්වා වයස්වල කාන්තාවන් මෙම රෝග වැළඳීමේ ප්‍රවණතාව වැඩි කාන්තාවන් අතරට අයත් ය.

මෙලෙස ඉබේ මුත්‍රා පිටවීම කාන්තාවන්ගේ සාමාන්‍ය ජීවන රටාවටද බාධාවක්. මෙම තත්ත්වයන් පාලනය කර ගැනීමට කාන්තා ඔබට නිවසේදීම කළ හැකි දෑ බොහෝය. ඒ අතුරින් ශරීරයේ ස්කන්ධ දර්ශකය මනාව පානය කර ගැනීම වැදගත් ය. ඔබේ ආහාර රටාව සකසා ගැනීමේදී ද ස්ථුලතාව වැඩි කරවන ආහාර ගැනීමෙන් වළකින්න. කෙඳි සහිත ආහාර නිතර ආහාරයට එකතු කර ගන්න. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය පානය කරන්න. දීර්ඝකාලීනව කැස්ස තියෙන කාන්තාවක් නම් එය සුව කර ගන්න. දුම් පානය නොකරන්න. මේවා තමන්ගේ ජීවන චක්‍රය වෙනස් කරලා ලබා ගන්නා ප්‍රතිකාර ලෙස හැඳින්විය හැකිය.

වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම රාශියක් ද මේ රෝගය සඳහා පවතී. මාංශපේශී ව්‍යායාම, ඖෂධ හා සැත්කම් ඉන් ප්‍රධානය. තවද Bladder training වැනි මුත්‍රාශ පුහුණු ව්‍යායාම් ද සිදු කරයි. නිවැරදිව ප්‍රතිකාර ගැනීමෙන් රෝගය මනාව පාලනය කර ගැනීමට හැකියාව ඇත. එහෙත් බොහෝ රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගය තීව්‍ර වූ විටයි. එම නිසා ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

රෝගය දරුණු වීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවුණහොත් රෝගය තව තව උත්සන්න වේ. එවිට තමන්ට නොදැනීම මුත්‍රා පිටවන තත්ත්වයට පත් වේ. මෙය තවත් ගැටලු රාශියකට අත වැනීමකි.

 

Comments