මෙරට පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් නිරීක්ෂණ 25ක් හා නිර්දේශ 15ක් ඇතුළත් "මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" අවසන් වාර්තාව පසුගියදා එහි සභාපති සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙහිදි 2018 දී දෙගුණයකින් පමණ වැඩිවූ සමානුපාතික නියෝජනය යටතේ තේරී පත්වන පළාත් පාලන ආයතන නියෝජිතයන් සංඛ්‍යාව අඩු කරනු ලැබිය යුතු බවට යෝජනා ලැබුණු අතර, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මිශ්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට කාරක සභාව යෝජනා කර තිබුණි.