ජාතික පාසල් අත­ර­මැදි ශ්‍රේණි සිසුන් ගැනීමේ බලය පළාත් කමි­ටු­ව­ලට | සිළුමිණ

ජාතික පාසල් අත­ර­මැදි ශ්‍රේණි සිසුන් ගැනීමේ බලය පළාත් කමි­ටු­ව­ලට

ජාතික පාසල්වල අතරමැදි පංතිවලට සිසුන් ඇතුළත් කිරිමේ බලතල පළාත් හා සම්බන්ධ වූ කමිටුවක් හරහා සිදු කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. පසුගිය කාලයේ ජාතික පාසල්වල අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් වූයේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වන අතර, මේ නිසාවෙන් වැඩිම ඉල්ලුමක් ඇති ජාතික පාසල්වලට චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සිසුන් ඇතුළත් කිරීම් 2,000කට අධික සංඛ්‍යාවක් සිදු වී ඇත. ඒ පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පුළුල් පරික්ෂණයක් සිදුවෙමින් පවතියි.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසා ඇත්තේ සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකරන බවත්, එම කාර්ය විදුහල්පතිවරුන් ප්‍රමුඛ පළාත් සභාවලට භාර දීමටත්, පළාත් සභාවල ඒ සඳහා කිරීම සඳහා ජාතික පාසල් ඒකක පිහිටුවීමටත් බලාපොරොත්තු වන බවයි.

අතරමැදි පංතිවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වත්මන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහගෙන් සිළුමිණ කළ විමසීමේදි ඔහු සඳහන් කළේ මේ වන විට එම කරුණ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් විගණාකාධිපති දෙපාර්තමේන්තුව හරහා සිදුවන බවත්, ඉදිරියේදී ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකසන බවත්ය.

 

Comments