ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ­යක් කඩි­න­මින් | Page 2 | සිළුමිණ

ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ­යක් කඩි­න­මින්

 රට තුළ පවත්නා ගෑස් හිඟයට ඉක්මන් විසඳුමක් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 90ක් යොදවා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කඩිනමින් ආනයනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් විසින් පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බව පැවසු අගමැතිවරයා ඒ සඳහා ලෝක බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 70ක් සහ මෙරටින් ලබාගන්නා ඩොලර් මිලියන 20ක් යොදාගන්නා බවත් පෙන්වා දුන්නේය. එම ගෑස් තොගය ලැබුණු සැණින් මෙරට දැනට පවත්නා ගෑස් හිඟය මුළුමනින්ම තුරන්ව යන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

 

Comments