PMB සහල් ලබන සතියේ වෙළෙඳපොළට | Page 2 | සිළුමිණ

PMB සහල් ලබන සතියේ වෙළෙඳපොළට

වී අලෙවි මණ්ඩල නිෂ්පාදනය කර බෙදාහරින සහල් PMB Rice වෙළෙඳනාමය යටතේ ලබන සතියේ සිට වෙළෙඳපොළට නිකුත් කෙරේ.
 
මෙහි පළමු අදියර යටතේ PMB Rice තොග ලබන සතියේ කොළඹ නගරයේ ජනතාව සඳහා අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂීකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. එමෙන්ම PMB Rice වෙළෙඳනාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කෙරෙන මේ සහල් පාලන මිලට වඩා අඩුවෙන් අවම මිලක් යටතේ මහජනතාව වෙත බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.
 
කිලෝග්‍රෑම් 05 සහ 10 පැකට් වශයෙන් මේ සහල් තොග බෙදාහරින අතර ඒවා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලොරි රථවලින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. පළමු තොගය වශයෙන් සහල් පැකට් ලක්ෂ දෙකක් කොළඹ නගරය තුළ අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ.
 

Comments