ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් | සිළුමිණ

ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්

ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟාවලියේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුබ පැතුම් එක් කර ඇත.
 
ජනාධිපතිතුමා ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායම දැක්වූ ක්‍රීඩාශීලිත්වය විශිෂ්ට බවයි. එමෙන්ම මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ලබා දුන් සහයෝගයට ලාංකේය ජනතාව වෙනුවෙන් කෘතඥතාව පළ කර ඇත. 
 
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි එක්දින තරගය ලකුණු 04කින් ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.
 
ඊයේ ජයග්‍රහණයත් සමග තරග 5කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
 
වසර 30කට පසු ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව සිය මව්බිමේදී එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. ඔවුන් අවසන් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය මව්බිමේදී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ 1992 වසරේදීය.

Comments