ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූකම්පනයක් -255 ක් මරුට | සිළුමිණ

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූකම්පනයක් -255 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ගිනිකොනදිග නගරයක් වන Khost සිට කිලෝමීටර් 44ක් (සැතපුම් 27ක්) පමණ දුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, බොහෝ මිනිසුන් නිදා සිටියදී හිමිදිරියේ ඇති වූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 6.1 ක් ලෙස සටහන්ව තිබිණි
 
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ ඉන්දියාවේ කිලෝමීටර් 500 කට වඩා වැඩි ප්‍රදේශයක කම්පන දැනී තිබෙයි
 
දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 255 ක් පමණ වන අතර පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි
 

Comments