
දේශපාලනය යනු විභවතාවන්ගේ කලාවයි. එය වර්තමාන සමාජ සන්දර්භයේ වඩා යථාර්ථවත් වී ඇත. එසේම ගෝලීය ක්‍රමවේදය තුළ ආර්ථික සහ දේශපාලනික වශයෙන් කිසිදු රටකට හුදෙකලාව ජීවත් වීමේ අවකාශ ලැබී නැත. බොහෝ රටවල් විවිධ පරිමාණයේ විවිධ ක්ෂේත්‍රවල අන්තර් සම්බන්ධතා තුළ තම පැවැත්ම පවත්වා ගෙන යයි. එහිදී රටවල සෛවරීත්වය සහ සහසම්බන්ධතා ජාලය පවත්වා ගන්නේද එම සබඳතා ජාලය තුළයි. මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසය දෙස බැලීමේදී එම සබඳතා ජාලය අද ඊයේ ඇති වූවක් නොවන බව ඉතා පැහැදිලිය. නූතන සමාජයේ හැඩ ගැසීමත් සමඟ පෙර තිබූ එනම්, 1600 ගණන්වල ඉහත අධිරාජ්‍යයන් පැවැතිණි. ඒ අධිරාජ්‍ය බිඳවැටීමෙන් අනතුරුව එම ශිෂ්ටාචාරවල ජාතික රාජ්‍ය නිර්මාණය වෙයි. 1648 ඇතිවූ වෙස්ට්පෑලියන්ස් නැමැති ගිවිසුම මඟින් මේ ජාතික රාජ්‍ය නිර්මාණය විය. අදාළ රටේ සෛරීත්වය සහ නිදහස එහිදී වැදගත් විය.
එම ගිවිසුමෙන් පසුව යුරෝපයේ රටවල් ජාත්‍යන්තර සබඳතා ජාලයට ප්‍රවිෂ්ට වීම ආරම්භ විය. මේ වකවානුවේදී යුරෝපයේ රටවල් විශාල වශයෙන් යටත් විජිතවාදීකරණයට ලක්වී තිබිණ. ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව වැනි රටවල් අවුරුදු 400ක් පමණ එම ආධිපත්‍ය පතුරවා ගෙන යයි. 20 වැනි ශතවර්ෂයේ අගභාගයේදී ඒ රටවල යටත් විජිතවාදී පද්ධතිය බිඳ වැටීම ආරම්භ විය. ඉන් පසු එම රටවල්ද වෙස්ට්පෑලියන්ස් ප්‍රඥාප්තිය තවත් පුළුල් කරමින් රටවල් සිය ගණනක් එම ප්‍රඥප්තිය යටතට එකතු කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා ක්ෂේත්‍රයේ ලෝක දේශපාලන ක්‍රියාවලියේ ජාතික රාජ්‍යයන් සංඛ්‍යාව වර්ධනය විය.
ආර්ථික, දේශපාලනික, විද්‍යා තාක්ෂණික වශයෙන් ලෝක දේශපාලන ක්‍රියාවලිය තුළ රුසියානු සාධකයේ ඇති වැදගත්කම සහ ඓතිහාසිකව අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග සහ රුසියානු සාධකය ලෝක දේශපාලනය තුළ හැසිරෙන ආකාරය මෙහිදී වැදගත් වෙයි. 21 වැනි ශතවර්ෂයේ පශ්චාත් ගෝලීය දේශපාලනය තුළ ඉටු කරනු ලබන කාර්යභාරය සහ ආසියානු කලාපයේ රටවල් සම්බන්ධයෙන් රුසියානු සාධකය කොතෙක් දුරට වැදගත්ද සහ ප්‍රබලද යන සාධකය වැදගත් වෙයි.
රුසියාව ලෝකයේ විශාලම භූමි ප්‍රදේශයකින් යුතු විශාලම රට වන අතර, එයට වර්ග කිලෝමීටර් බිලියන 17ක් අයත් වෙයි. ලෝක භූමි ප්‍රමාණයෙන් එය 1/8ක් වෙයි. ලෝක ජනගහනය අතින් 6 වැනි ස්ථානය එනම්, මිලියන 150 ජනගහනයක් ජීවත්වන රුසියාව ප්‍රධාන වශයෙන්ම මහද්වීප දෙකක් පුරා පිහිටා ඇත. ඒඅනුව යුරේසියාව සංකල්පය තුළ රුසියාව ස්ථාන ගතවෙයි. ජාතික, ආගමික, සංස්කෘතික සහ ජනවර්ගික වශයෙන් විවිධත්වයක් වෙයි. බලශක්ති පිළිබඳ සාධකයේදී ගෑස්, ගල්අඟුරු, ඛණිජ තෙල් ප්‍රබල නිෂ්පාදකයා ද වෙයි. එසේම සශ්‍රීක කෘෂිකාර්මික භූමි රුසියාවට අයත් වෙයි. ලෝකයට ආහාර නිෂ්පාදනය කිරීම මෙන්ම ප්‍රබලම දැව නිෂ්පාදකයා ද වෙයි. එසේ ම සංකීර්ණ ජෛව විවිධත්වයක් ද වෙයි. මේ නිසා රුසියාව සමකාලීන ලෝක දේශපාලන සහ ආර්ථික සාධකවල සමස්ත ශිෂ්ටාචාරගත ක්‍රියාවලියේ අවියෝජනිය කොටස්කරුවෙකි. ඒ නිසා රුසියාවෙන් තොරව කිසිදු ජාත්‍යන්තර ගමනක් කලාපීය හෝ ජාතික ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමට නොහැකිය. රුසියාවේ ඇති සුවිශාල බව සහ ඒ හරහා ඇති සුවිශේෂ සම්පත් නිසා රුසියාවට අවියෝජනීය වශයෙන් ඉටු කරන කාර්ය භාරයක් පැවැරී ඇත. මේ තත්ත්වයට රුසියාව පත්වූයේ පසුගිය සියවස් කිහිපයක් තුළයි.
ලෝක දේශපාලනයට 18 වැනි සියවසේ රුසියාව ප්‍රවිෂ්ට වීමත් දේශපාලනය තුළ වඩා සක්‍රීය දායකත්වයක් දැරීමත් ඉන් අනතුරුව සිදු විය. 18 වැනි සියවස මැදභාගයේ යුරෝපීය ක්‍රියාවලිය තුළ රුසියාවේ මැදහත් වීම තීරණාත්මකව වර්ධනය වීම ආරම්භ විය. එසේම 20 වැනි ශතවර්ෂයේ ආරම්භයේදී රුසියාව ලෝක දේශපාලනයට සම්බන්ධ වූයේ සමාජ විප්ලවයන් තුනක් ඔස්සේය. ඉන් 1917 සිදුවූ සමාජවාදී විප්ලවය එනම්, ඔක්තෝබර් විප්ලවය සුවිශේෂ වෙයි.
ලෝක දේශපාලන ක්‍රමයට සක්‍රීය සහ ක්‍රියාකාරී ආකාරයට සම්බන්ධ වීමට පමණක් නොව ලෝක දේශපාලන ක්‍රියාවලියේ ගුණාත්මක වෙනසක් එනම්; සමාජවාදී සංකල්පය සංවිධානය වීම ආරම්භ වූයේ 20වැනි ශතවර්ෂයෙන් පසුවයි. මානව සමාජ පරිණාමයේ සමාජ දේශපාලනයේ නව ප්‍රවණතාවකට මූලාරම්භයක් සැපැයීමේ පුරෝගාමී රාජ්‍යයක් ලෙස රුසියාව ප්‍රමුඛ විය.
ලෝකයේ අධිරාජ්‍යවාදී සහ යටත්විජිතවාදී පද්ධතිය මේ කාලය වනවිට දෙදරුම් කෑම ආරම්භ වූයේ රුසියාව තුළ සමාජවාදය ඇතිවීමෙන් පසුවය. ඉන්පසුව ලෝක දේශපාලනයේ අධිපති භාවය දරාගෙන සිටි යුරෝපිය බලවත් අධිරාජ්‍යවාදී රටවල් අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය විය. ඒ ක්‍රියාවලිය දිගටම වර්ධනය විය. 20වැනි ශතවර්ෂයේ මැද භාගයේ දෙවැනි ලෝක යුද්ධය ඇතිවීමත් සමඟම අධිරාජ්‍යවාදී රටවල් යටතේ පැවැති රටවල් ජාතික විමුක්ති ව්‍යාපාර සහ නිදහස සඳහා අරගල දියත් කරන ලදී. ඉන්පසුව එම රටවල් ආර්ථික වර්ධනය සහ ආර්ථිකය ශක්තිය සහ දිළිඳු භාවය නැති කර ගැනීම සඳහා විශාල උනන්දුවක් චිනය, ඉන්දියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව වැනි රටවල ඇතිවිය.
එවකට සෝවියට් දේශය ලෙස හැඳින්වූ රුසියාවේ සමාජවාදීත්වයේ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස 1960 ගණන් වනවිට අධිරාජ්‍යවාදී යටත් විජිත රාජ්‍ය සියල්ලට නිදහස ලැබිණි. 1919 වනවිට ලෝක භූමියෙන් 78% පාලනය වුණේ යටත් විජිත ලෙසයි. ජනගහනයෙන් සියයට 80ක් ජීවත් වූයේ යටත් විජිතවලයි. එහෙත් 1980 වන විට ලෝක භූමි ප්‍රමාණයෙන් සියයට 3 දක්වා එය අඩු විය. එය ලෝක ජනගහනයෙන් සියයට 2ක් විය. ලෝක දේශපාලන ක්‍රියාවලියට ජාතීන්ගේ සංවර්ධන ක්‍රියාවලියට රුසියානු විප්ලවය සහ ඉන් ලෝකයට ලැබුණ අභාසයත් සමඟ වඩා වෙනසක් ඇති වෙයි. අවුරුදු සිය ගණනක් යටත් විජිතවාදයෙන් බැටකෑ රටවල් ඔවුනගේ ජාතික ආර්ථිකය, නොදියුණු භාවය, විශේෂඥ දැනුමේ ඌණතාවය, සාක්ෂරතාව ආදී ගැටලු අවම කර ගැනීමට ක්‍රියා කරන ලදී. එම රටවල ජාතික නිදහස ශක්තිමත් කිරීමට ආර්ථික වශයෙන් වර්ධනය කර ගැනීමට දේශපාලන ස්වාධීනත්වය තහවුරු කර ගැනීමට එවකට සෝවියට් දේශය නමින් හඳුන්වන රුසියාවෙන් මෙරරට සහාය ලැබිණි. මෙරට 1960 වකවානුවේ ශක්තිමත් ජාතික ආර්ථික පදනමක් මත වර්ධනය වීම ආරම්භ විය. විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍ර කර්මාන්ත ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට හැකියාව ලැබුණේ ඒ අනුවය. රැකිරක්ෂා විශාල ප්‍රමාණයක් විවෘත විය. මෙරටේ ගුණාත්මක වෙනස්කම් රාශියක් ආර්ථික සහ දේශපාලනික සාධක තුළ ඇති විය.
20 වැනි ශතවර්ෂයේ අවසානයේ සෝවියට් දේශය බිඳ වැටිණි. එමෙන්ම සමාජවාදී රටවල් ද බිඳවැටිණි. එම සිදුවීම 20 වැනි ශතවර්ෂයේ ඇතිවූ සුවිශේෂ සිදුවීමකි. එය ලෝක දේශපාලන සිතියමේ ඉතා වැදගත් සංධිස්ථානයක් බවට පත්විය. ලෝක දේශපාලන ක්‍රියාවලියට රුසියානු සාධකය මානව සමාජ පරිණාමයේ නව ගුණාත්මක තත්ත්වයක් ඇති කළ බව අවිවාදිතය.
21වැනි සියවසේ මතුවී ඇති මූලික ආර්ථික, දේශපාලනික සාධක සමස්තයක් වශයෙන් මානව පරිණාමයේදී මුහුණ දෙන ගැටලු නිරාකරණය කර ගැනීමට සුවිශාල දායකත්වයක් සපයමින් මේ මොහොත දක්වා රුසියාව සක්‍රීය දායකත්වයක් සපයයි. (1917 පෙර පැවැති රුසියානු අධිරාජ්‍යය ඔක්තෝම්බර් විප්ලවයට පසුව සෝවියට් සමූහාණ්ඩුව නමින් හැඳීන්වූ අතර රුසියාව, බෙලරුසියාව සහ යුක්රේනය ප්‍රධාන විය. ඉන් අනතුරුව සෝවියට් දේශය 1991දී යළි බිඳවැටිමක් සිදුවිය. එහිදී රුසියාව ස්වාධින රාජ්‍යයක් බවට පත් විය.
සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව මෑතකාලීන ලෝකයේ සමාජ දේශපාලනික කරුණු සඳහා රුසියානු මැදිහත් විම් ඔස්සේ ඇමරිකානු මහද්වීපය සමඟ ද්විධ්‍රැවික තරගකාරීත්වය ඇතිවීමේ පරිවර්තනය සිදුවිය. පසුව සෝවියට් දේශය බිඳ දැමීමෙන් පසුව රුසියාව වෙන ලෝක ධ්‍රැවික භාවයක් ඇතිවිය. එනම්, ලිබරල් ක්‍රමය පමණක් ශේෂ වීමය.
ඉන් අනතුරුව 2008 -2009 වසරවල ඇති වූ ගෝලීය මුල්‍ය ආර්ථිකයේ ප්‍රතිඵලය සමඟ නව ලිබරල් වාදය බිඳවැටීම ආරම්භ විය. අනතුරුව 2020 වසරේදී කොවිඩ් වසංගතයත් සමඟ තවදුරටත් නව ලිබරල්වාදයේ මුල්‍ය දේශපාලන ආර්ථිකය බිඳවැටීම සිදුවිය.
ජනතාවට ඔරොත්තු නොදෙන ආර්ථික සමාජමය පීඩනයන් දේශපාලනික අස්ථාවරත්වයක් මේ හරහා ඇතිවිය. මේ අර්බුදය අඩුවැඩි වශයෙන් රටවලට බලපෑම් කර ඇත. ලෝකයේ බලශක්ති අර්බුදයක් මතුවෙමින් ඩොලරයේ ආධිපත්‍යය බිඳවැටෙමින් පවතී. ඩොලර් හිඟය සමඟ විවිධාකාරයෙන් මූලික අවශ්‍යතා සියල්ල අඩපණ වෙමින් පවතී. ගෑස්, ඛණිජතෙල්, ගල්අඟුරු, බෙහෙත් හිඟතාවයක් ඇතිවෙමින් පවතී .
මේ සියලු සාධක එකිනෙක ගැටගැසී ඇති සහසම්බන්ධයෙන් යුතු සාධක වෙයි. රුසියානු සාධකය ලෝක දේශපාලනික ආර්ථික සාධක සඳහා වන බලපෑම සහ ව්‍යප්තියට එරෙහිව බිඳවැටෙන නව ලිබරල් වාදය සහ ලිබරල්වාදී බටහිර යුරෝපිය රටවල් රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක සහ මහාද්වීපික අවහිර කීරීම් ක්‍රියාවලියක් දියත් කරයි.
වර්තමානයේ රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර යුරෝපීය රටවල් රුසියාවට එරෙහිව ගෙනයන සම්බාධක වැඩපිළිවෙළ සහ මහද්වීපික අවහිර කිරීමේ වැඩපිළිවෙළ නිසා ඉදිරියේදී ඇතිවන සාගතය වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතී. රටක් ලෙස අපි මුහුණ පා ඇති ආර්ථික සහ දේශපාලන අස්ථාවර භාවය අවම කර ගැනීමට රුසියානු සාධකයෙන් ගත යුතු ප්‍රයෝජනයන් එකඟතාවන් සහ සහසම්බන්ධතා ගොඩනඟා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. බිඳවැටෙමින් පවතින ගෝලීය පටිපාටියත් නිර්මාණය වෙමින් පවතින පශ්චාත් ගෝලීය තත්ත්වයත්, වර්ධනය වෙමින් පවතින කලාපීයකරණ ක්‍රියාවලියත් ස්වදේශීයකරණ ක්‍රියාවලියත් වඩා සැලකිල්ලට ගත යුතුය. එසේම අපේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය වඩාත් මිත්‍රශිලි රටවල් සමඟ ගොඩනඟා ගැනීම පිළිබඳ නැවත කියවා බැලීමක් අවශ්‍යය. මේ අවස්ථාවේදී ලෝක දේශපාලන ආර්ථික ක්‍රියාවලිය තුළ සහයෝගීතාවන් ඇති රටවල් සමඟ සමෝධානික සංවර්ධනාත්මක වැඩ පිළිවෙළකට යා යුතුය. එසේම ජාතීන් අතර සහජීවනය අන්‍යනෝන්‍ය ආර්ථික වාසිදායකත්වය මත පවත්වාගෙන යනු ලබන ආර්ථික සාධක පදනම් වූ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් මත ගමන් කළ යුතුය.
මේ ඇති කරනු ලබන හිඟතාව, ජාතික දේශපාලන අස්ථාවරත්වය සහ අනෙක් අර්බුදය මත ජනතා ජිවිත අවුල් වීමත් සමඟ බටහිර බලවේගවලට අවශ්‍ය කරන, නොඑසේනම්, කලාපයේ භූදේශපාලනික ආර්ථික සහ සංග්‍රාමික අවශ්‍යතාවක් ඉෂ්ට කර ගැනීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයකි. රුසියාව මේ අවස්ථාවේදී ලෝක දේශපාලන ක්‍රියාවලිය තුළ හැසිරෙන ආකාරය අපි තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ප්‍රබල සාධක කිහිපයක් අපිට හමුවෙයි.
ඒ අතර රුසියා සාධකය, චීන සාධකය සහ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව පදනම් කරගත් ගෝලීය උපරිසමාජය සම්බන්ධ වී ඇති ගෝලීය දේශපාලන සාධකයයි. මේ සාධකවල හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ගවල වන දුරදිග විහිඳී යන අරමුණු හා අභිලාෂයන් මොනවාද යන කරුණු පිළිබඳ , අපේ දේශපාලඥයන්, විද්වතුන්ට හා නිලතන්ත්‍රවාදින්ට සහ සියලු ක්ෂේත්‍රවල සිටින පුද්ගලයන්ට පැහැදිලිව ගැඹුරු සවිඥානයක් තිබිය යුතුය.
අතිශයින් ප්‍රතිවිරෝධි තත්ත්වයට පත්කර ඇති ජාත්‍යන්තර ප්‍රපංචිය ක්‍රියාවලින් පිළිබඳ අපට ගැඹුරු අවබෝධයක් තිබිය යුතුය. ඒවා තේරුම් ගෙන අපිට ගැළපෙන ජාතික දේශපාලනය ආර්ථිකය සෛරීත්වය, නිදහස ශක්තිමත් වීමට අවැසි වන ආකාරයට අපේ සම්බන්ධතා අලුතෙන් වෙනස් වන්නාවූ ලෝක රටාව තුළ ස්ථාපිත කරගත යුතුයි.
ලෝකය පුරාම පශ්චාත් ගෝලීය අවකාශ තුළ රුසියානු දේශපාලන, ආර්ථික සාධකය වේගයෙන් වර්ධනය වෙමින් පවති. රුසියාව වෙනත් කිසිදු රටකට නොමැති සම්පත් හිමිකරුවන් වීම නිසාවෙන් ලෝක ආර්ථිකයේ සහ දේශපාලනයේ සැබෑ පදනම රුසියාවයි. අනෙක් රටවල සංඛ්‍යා දත්ත මත පදනම් වූ මුල්‍ය ආර්ථිකයක් පවති. සමස්ත බලශක්ති ප්‍රමාණයෙන් සියයට 55ක් ගල්අඟුරු ගෑස් ඛණිජ තෙල් නිකුත් කරයි. ඇමරිකාවට ද සියයට 12ක් රුසියානු තෙල් සහ වෙනත් න්‍යෂ්ටික රසායනික ද්‍රව්‍ය නිකුත් කරයි. එසේම ලෝකයේ ආහාර නිෂ්පාදකයා යුක්රේනය සහ රුසියාවයි. මෙවැනි රටවලට සම්බාධක පැනවීමෙන් ලෝකයේ භාණ්ඩ හා සේවා හුවමාරුවේ යහපත් ගලා යාමට යම් බාධාවක් එල්ල වෙයි. අපේ රටේ පටු දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් ඇති ඌණ අවබෝධයන්ගෙන් ඔබ්බට ගොස් මේ මොහොතේ මතුවී ඇති ලෝක දේශපාලන, ආර්ථික යථාර්ථයක් සහ භූසංග්‍රාමික යථාර්ථය පිළිබඳ අවබෝධ කර ගත යුතුය. ඒ අනුව පශ්චාත් ගෝලිය බල තුලනයේ සහ ප්‍රවණතා තක්සේරු කර ගනිමින් අපේ විදෙස් ප්‍රතිපත්තිය ගොඩනැඟිය යුතුයි. සංවිධානවලින් සහ රටවල් වලින් ණය ලබාගැනීමේ ලිබරල්වාදි ක්‍රමවේදයෙන් ඉවත් විය යුතුය. නව ආර්ථික උපාය මාර්ගයන් අපි සෙවිය යුතුය. ඇති වෙමින් පවතින්නේ සංකිර්ණත්වයේ ආරම්භය පමණයි. මීට වඩා සංකිර්ණ වීමට වැඩි ප්‍රවණතාවක් ඇත. මේ වෙනස් වී ඇති ලෝක යථාර්ථයට ගැළපෙන ලෙස අභ්‍යන්තර ප්‍රශ්නවලට විසඳුමක් සෙවිය යුතුයි. එසේ නොවන්නට නැවත සකස් කරගත නොහැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවෙයි.
මේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය එක්තරා ආකාරයක දේශපාලන අර්බුදයක් ලෙස ද විග්‍රහ කළ හැකියි. ඩොලරය කේන්ද්‍ර කරගත් ආර්ථික මොඩලය ඒ මාදිලිය ලෝක ආර්ථික ක්‍රමවේදයෙන් බිඳවැටීම ආකර්ෂණය ශක්තිය සිදී යාම දේශපාලන කරුණකි. ලෝක දේශපාලන ක්‍රියාවලිය සංග්‍රාමික ක්‍රමයක ලක් කිරීම තුළ ඩොලරයේ ආධිපත්‍ය තවදුරටත් පවත්වාගෙන යමින් සියලු ජාතික ආර්ථිකයන් ඍජු පාලනයට අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. ඒ නිසා අපේ ආර්ථික ප්‍රතිපත්තිය අලුත් ජාත්‍යන්තර සම්බන්ධතා රටාව අනුව හැඩ ගස්වා ගත යුතුයි.
සමස්ත ආර්ථික ව්‍යුහය නැවත බලගැන්විය යුතුයි. ඛණිජ තෙල් වැනි සාධකවලදී රුසියාව, චීනය සමඟ ගනුදෙනු කිරීමට අපට හැකියාව ඇත. ඩොලර් සහ ඩොලර් අතර නොව රුපියල් සහ රූබල් යුවාන් සහ රුපියල් අතර ගනුදෙනු කරන ආර්ථිකයකට අපි යා යුතුයි. එය භාණ්ඩ හා සේවා මත හුවමාරුවක් විය හැකියි.
ඩොලරයේ ආධිපත්‍යයෙන් අපි වෙනස් විය යුතුයි. ඒ මත රඳා පැවැත්ම සහ පරාධීනත්වය නිසා මේ ආර්ථිකය ගොඩනැඟීමට බාධක වෙයි. මේ ආර්ථීකය ගොඩනැඟීමට පශ්චාත් ගෝලීය දේශපාලන ව්‍යුහයක් අපිට අවශ්‍යයි.
තාක්ෂණික මුල්‍ය යාන්ත්‍රණය වෙනුවට නව තත්ත්වයන්ට ගැළපෙන ආකාරයේ රටවල් සමඟ අලුත් ආකාරයේ කලාපීය වුවමනාවන්වලට ප්‍රමුඛත්වය දෙමින් ස්වදේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන ආර්ථික රටාවකට අපි යා යුතුයි.
ජාතීන් අතර සහයෝගීතාවය සහ අනවශ්‍ය තරගකාරීත්වයෙන් තොර, ඇති නැති පරතරය අවම වන දේශපාලන ව්‍යුහයකට අප යා යුතුයි. මේ තත්ත්වය තුළ දේශපාලන, ආර්ථික ක්‍රියාවලිය ප්‍රතිසංවිධානය කරගැනීමේදී රුසියානු සාධකයෙන් ගත හැකි ආලෝකය අතිවිශාලයි.