VMware නව සාමාන්‍යාධිකාරී සහ ප්‍රධානී, වෙන්කටෙෂ් මුරලි | Page 2 | සිළුමිණ

VMware නව සාමාන්‍යාධිකාරී සහ ප්‍රධානී, වෙන්කටෙෂ් මුරලි

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE:VMW) සමාගම විසින් නැඟී එන නව වෙ‍ෙළඳ පොළවල් සඳහා සහ වියට්නාම වෙ‍ෙළඳ පොළ සඳහා නව නායකත්වයක් ලබා දෙමින්, එහි සාමාන්‍යධිකාරී සහ නායකත්ව තනතුරට වෙන්කටෙෂ් මුරලි පත්කර ඇත. දශක දෙකකට අධික කාලයක තොරතුරු සන්නිවේදන හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ ප්‍රවීණත්වය වෙන්කටෙෂ් සතුවන හිමි අතර, එම දැනුම සහ පළපුරුද්ද තුලින්, VMware හි කලාපීය සංවර්ධනය ඇති කිරීමට හෙතෙම බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම, ප්‍රජාව, සේවා සහ ව්‍යාපාර පරිවර්තනය කරමින් සංවර්ධනය කරන ඩිජිටල් ආර්ථිකයන් සඳහා රුකුලක් වීමට, අදාල හවුල්කරුවන් සහ ව්‍යවසායන් සමඟ සමීපව කටයුතු කිරීමට වැඩි අවධානයක් යොමු කරනු ඇත.

Comments