Visa විසින් P2P ගෙවීම් සේවාව ලංකාවට | සිළුමිණ

Visa විසින් P2P ගෙවීම් සේවාව ලංකාවට

Visa හඳුන්වා දුන් මෙම නව ගෙවීම් සේවාව මඟින් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට ගෙවීම් කිරීමට හැකියාව ලැබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසු ලොව පුරා ඩිජිටල් ගනුදෙනු නොයෙක් ක්‍රමවේද හරහා වර්ධනය වෙමින් පවතින අතර 2022 වසරේ දී එය ඇමෙරිකන් ඩොලර් මිලියන 5317ක් දක්වා විය හැකි බව පෙන්වා දෙයි.

වර්තමානයේ අන්තර් ජාලය තුල ස්මාර්ට් උපාංග භාවිත කර ගෙවීම් දොරටු හරහා ( Payment gateway) මුදල් භාවිතයෙන් තොරව ගෙවීම් කටයුතු කිරීමට යොමු වීම නිසා එහි වර්ධනයක් දක්නට ලැබේ.

මෙම P2P ගෙවීම් සේවාව මඟින් පාරිභෝගිකයන් හට Visa කාඩ්පතෙහි දත්ත (credentials) භාවිතා කර තම Visa කාඩ් පතෙන් ගෙවීම් කල යුතු පුද්ගලයාගේ Visa කාඩ්පතට ඍජුවම ගෙවීම් කිරීමට හැකියාව ලබා දෙයි.

Comments