SLT-MOBITEL වෙතින් Liberty Plaza වෙත නවීනතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් | සිළුමිණ

SLT-MOBITEL වෙතින් Liberty Plaza වෙත නවීනතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, දිවයිනේ පුරෝගාමී සංවර්ධන ව්‍යාපෘතියක් වන Liberty Plaza වෙත නවීනතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් සැපයීම සඳහා එහි හිමිකරුවන් වන Colombo Land and Development Company PLC සමඟ ගිවිසුමකට අත්සන් තැබී ය.

මෙම අවස්ථාවට SLT කලාප ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ඉමන්ත විජේකෝන් සහ Liberty Plaza කළමනාකරණ මණ්ඩලයේ සාමාජික පැඩී වීරසේකර ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ. ‘Liberty Plaza’ සංකීර්ණය යනු කොළඹ නගරයෙහි වැදගත්ම ස්ථානයක පිහිටි, කාර්යාල හා නිවාස එකතුවකින් සහ සාප්පු සංකීර්ණයකින් යුත්, ප්‍රමුඛ පෙළේ සංවර්ධන ව්‍යාපෘතියකි. වර්ග අඩි 160,000 කින් යුත් Liberty Plaza සංකීර්ණය, අලෙවිසැල්, කාර්යාල සහ නිවාස ඒකක 300 කට අධික සංඛ්‍යාවකින් සහ, රථවාහන 250කට අධික සංඛ්‍යාවක් නැවැත්විය හැකි රථගාලකින් සමන්විත වේ.

Comments