
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොළඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව,එහිදැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි.එහි දී Noradrenaline Vials, CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ(Blood Gas Cartridges),සංවේදක කාඩ්පත් (Sensor Cards),නාසෝගාස්ට්‍රික් ටියුබ(Nasogastric Tubes),මුත්‍රා කැතීටර(Urinary Catheters), මිලි ලීටර් 10 සිරින්ජ, නිර්ජීවාණු ශල්‍ය අත්වැසුම්(Sterile Surgical Gloves) පරීක්ෂණ අත්වැසුම්(Examination Gloves)සහ චූෂණ උපකරණ (Suction Jars)ඇතුළු උපකරණ හා ඖෂධ රැසක් සැපයීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කෙරුණු අතර,ඒ වෙනුවෙන් පසුගිය දා පැවැත්වුණු චාම් උත්සවයේ දී අදාළ වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගය නිල වශයෙන් භාර දීම සිදුකෙරුණි.