DIMO වෙතින් බලශක්ති අරපිරිමැස්මට DI-Solar | සිළුමිණ

DIMO වෙතින් බලශක්ති අරපිරිමැස්මට DI-Solar

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින්, වර්තමානයේ පවතින විදුලි අර්බුධය සහ බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ සිය අවධානය යොමු කරමින්, DI-Solar නමින් විප්ලවීය විසඳුමක් වෙ‍ෙළඳපොළට හඳුන්වා දී ඇත. DI-Solar, දැනට පවතින Solar PV පද්ධති හරහා ජනනය වන විදුලිය, දිවා කාලයේ විදුලිය විසන්ධි කිරීමේ අවස්ථා වලදී ප්‍රයෝජනයට ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කර ඇති අතර, එමඟින් බලශක්ති නාස්තියද විශාල ලෙස අවම කරන අතර බැටරි රහිතව මෙම විසඳුම යොදා ගත හැකි වීම ද සුවිශේෂී ලක්ෂණයකි. විදුලිය විසන්ධි කිරීම් හේතුවෙන් ව්‍යපාරයන් දෛනිකව විවිධ ගැටලුවලට මුහුණපායි. මේ සඳහා විසඳුමක් වශයෙන් බොහෝ ව්‍යාපාර Solar පද්ධති සවි කිරීම හරහා සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට උත්සාහ කළද, එම පද්ධති ජාතික පද්ධතියේ විසන්ධි වීමත් සමඟ, දිවා කාලයේ සිදුවන විදුලිය ඇනහිටීම්වලදී Solar PV පද්ධති හරහා ජනනය කරන විදුලිය භාවිත කිරීමට ඔවුන්ට නොහැකි වන අතර, මේ හේතුවෙන් අධික ඉන්ධන පිරිවැයක් දරමින් ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම හරහා සිය මෙහෙයුම් පවත්වාගෙන යෑමට සිදුවේ.

Comments