DFCC බැංකුව ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි | සිළුමිණ

DFCC බැංකුව ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශ වල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි ව්‍යවසායිකාවන් ඉලක්ක කරගෙන විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීමට DFCC බැංකුව කටයුතු කළේ ය. කුරුණෑගල Hotel Indoora හිදී පැවති මෙම වැඩමුළුවට ව්‍යවසායිකාවෝ 75 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමේ මෙහෙවරෙහි කොටසක් ලෙස, මෙරට කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමටද DFCC බැංකුව කලක පටන් කටයුතු කරමින් සිටී.

 

Comments