සිංගර් ශ්‍රී ලංකා TCL 20L+ සමඟින් සිය ජංගම දුරකථන නිෂ්පාදන පෙළ පුළුල් කරයි | සිළුමිණ

සිංගර් ශ්‍රී ලංකා TCL 20L+ සමඟින් සිය ජංගම දුරකථන නිෂ්පාදන පෙළ පුළුල් කරයි

සිංගර් ශ්‍රී ලංකා සමාගම හඳුන්වා දෙන නවතම ජංගම දුරකථන මාදිලිය වන TCL 20L+ සමඟින් සිය ජංගම දුරකථන පෙළ පුළුල් කිරීමට කටයුතු කර ඇත. TCL 20L+ ජංගම දුරකථන මාදිලියTCL 20 ජංගම දුරකථන නිෂ්පාදන පෙළට අයත්,තිරයෙහි ගුණාත්මක භාවය වැඩි දියුණු කරන ලද නිෂ්පාදනයකි.මෙම නව නිෂ්පාදනය තුළින්, උසස් තත්ත්වයෙන් යුතු ජංගම දුරකථන තිර නිෂ්පාදනය කිරීම පිළිබඳ TCL දක්වන විශේෂඥ භාවය නැවතත් තහවුරු කරන බව පැවසුවහොත් එය නිවැරදිය. NXTVISION තාක්ෂණයෙන් බලගන්වා ඇති Qualcomm Snapdragon 662 Octa-core ප්‍රොසෙසරය සහ අඟල් 6.67 FHD+ 60Hz තිරය මඟින් ඉහළ කාර්ය සාධනයක් තහවුරු කරන TCL 20L+ජංගම දුරකථනය Milky Way Black සහNorth Star Blueයන මාදිලි දෙකෙන්ම වෙළෙඳපොළට නිකුත් කෙරෙයි.

Comments