
අලුත උපන් දරුවන්ගේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීමට මවුපියන්ට අත්වැලක් වීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ නවලෝක රෝහල පසුගියදා කටයුතු කළේය.මේ අනුව නවලෝක රෝහලේදී උපත ලබන දරුවන්ගේ දෙමාපියන්ට එම දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අරමුදලක්, සෞඛ්‍ය ආවරණයක් සහ ඔවුන්ගේ අනාගත සිහින සුරකින සවිමත් අත්වැලක් නිර්මාණය කර ගැනීම සඳහා මනා අඩිතාලමක් හිමි වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් කියා සිටියේ,මෙය දරු උපත සඳහා නවලෝක රෝහල තෝරා ගන්නා මවුපියන්ට තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ලැබෙන අගනා අවස්ථාවක් බවයි.