මහජන බැංකුවේ (ATM) ජය ශ්‍රී මහා බෝ උඩමළුවට | සිළුමිණ

මහජන බැංකුවේ (ATM) ජය ශ්‍රී මහා බෝ උඩමළුවට

අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා උඩමළුව පුණ්‍ය භුමිය තුළ සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) පසුගියදා විවෘත කෙරිණි. මෙම ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය තුළින් සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම මුදල් ලබාගැනීමේ පහසුකම සලසා ඇත. අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, ඇතුළු මහජන බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවෝ විශාල පිරිසක් සහභාගි වූහ.

Comments