2021දී සිසුන්ගේ අධ්‍යා­ප­නය 88%ක් අහි­මියි | සිළුමිණ

2021දී සිසුන්ගේ අධ්‍යා­ප­නය 88%ක් අහි­මියි

සර 2021 දී අගෝස්තු වන විට පාසල් සිසුන්ගේ අධ්‍යාපනය අහිමි වීම 88%ක් ද වසර 2020 දී එය 54%ක්ද සිදු වී තිබේ. එමෙන්ම කොවිඩ්වලටත් වඩා වැඩි අභියෝගයක් ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දීමට අධ්‍යාපන ක්ෂේත්‍රයට දැන් සිදු ව ඇත. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මෙම කරුණු අනාවරණය කෙළේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස් වු අවස්ථාවේදීය.

නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා පවතින සීමිත කාලසීමාව තුළ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, ඉන්ධන හිගය, දරුවන්ගේ පවුලේ ආර්ථික අපහසුතා, දෙමාපියන්ට රැකියා අහිමිවීම ආදිය බරපතළ ගැටලුවක් වෙමින් පවතින බව එහිදී අනාවරණය විය. එමෙන්ම මාර්ගගත තාක්ෂණය ඔස්සේ

ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය පළාත්වල  දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව සිදුකිරීම සිසු දරු දැරියන් සදහා සාර්ථක ක්‍රමයක් නොවන බවද කෝපා කමිටුවේදී අවධාරණය කෙරිණි. විභාග ප්‍රශ්නපත්‍ර සැකසීමේදී අහිමි වූ ඉගෙනුම් කාලය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙසටද එහිදී නිර්දේශ විය.

 

Comments