
රුපියල් මිලියන 75ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා කියවීම සිදු කර තිබේ. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනුකර තිබුණි.
විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ 2010-15 සමයේදී ඇමති ධුරයට අදාළ වැටුපෙන් සහ වෙනත් වත්කම්වලින් උපයා ගත නොහැකි ලෙස රුපියල් මිලියන 75 කට අධික දේපළ හිමිකාරීත්වයක් දැරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් මෙම නඩුව ගොනුකර තිබිණි. නඩුවේ වැඩිදුර විභාගය මේ මස 28 වැනිදා යළි කැඳවීමට නියමිතය.