
ඉන්ධන සැපයුම සීමා සහිත වීම තුළ පොදු ප්‍රවාහන සේවාව සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන් සලසා ගැනීම දුෂ්කර කටයුත්තක් හෙයින් ඉදිරි දෙසතිය තුළ රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැනටමත් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති සිකුරාදා දිනයට අමතර දින හතර තුළදී රජයේ කාර්යයන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ගැනීමට තීරණය කිරීම සහ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්/ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත පවර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නෙ ඉකුත් සිකුරාදා නිවේදනය කළේය.
එසේම අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන අවස්ථාවේ වුවද සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේ නම් පමණක් එම දිනය නිලධරයාගේ පෞද්ගලික නිවාඩුවලින් අඩු කිරීමටද කටයුතු කෙරේ.