මාකු­ඹුර කටු­බැද්ද කඩ­වත, ‘පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව්’ සාර්ථකව ඉදි­රි­ය­ටම | Page 2 | සිළුමිණ

මාකු­ඹුර කටු­බැද්ද කඩ­වත, ‘පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව්’ සාර්ථකව ඉදි­රි­ය­ටම

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආරම්භ කළ ‘පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව්’ සේවාව දිනපතා උදෑසන 6.30 සිට කඩවත, කටුබැද්ද සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල සිට කොළඹ දක්වා ක්‍රියාත්මක වේ. නිවෙස්වල සිට තම පෞද්ගලික වාහනවලින් පැමිණෙන ජනතාවට එම වාහන සුරක්ෂිත ලෙස ඉහත කී බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ගාල් කර, සුඛෝපභෝගී බස් රථ මඟින් ගමන් කිරීමට හැකියාව ලැබෙන අතර, උදෑසන 6.30 සිට 8.30 දක්වා එම මධ්‍යස්ථානවලින් සෑම විනාඩි 10කටම වරක් සුඛෝපභෝගී බස් රථ කොළඹ දක්වා ධාවනය වේ. පෙරවරු 8.30න් පසු පැයකට වරක් බැගින් එම බස් ගමන් වාර ක්‍රියාත්මක වේ. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත ක්‍රියාත්මක වන  ‘පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව්’ සේවාව මඟින් පසුගිය දිනවල මාකුඹුර සහ කඩවත ප්‍රවාහන මධ්‍යස්ථාන තුළ වාහන නවතා තබා විශාල පිරිසක් බස්රථ මඟින් රාජකාරී ස්ථාන කරා පැමිණි බව වාර්තා විය. ඉදිරියේදී මෙම සේවාව මහජනතාව අතර වඩාත් ජනප්‍රිය වනු ඇති බවට ප්‍රවාහන අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

 

Comments