පෝෂණ ඌන­තා­වය පිටු දකින්න වැඩ­පි­ළි­වෙ­ළක් | සිළුමිණ

පෝෂණ ඌන­තා­වය පිටු දකින්න වැඩ­පි­ළි­වෙ­ළක්

 ර්ථික අර්බුදය නිසා ඇති වී තිබෙන ළමා හා මාතෘ පෝෂණ ඌනතාව සැලකිල්ලට ගනිමින් පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සන්ධානය විසින් දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව එළඹෙන 23-24 යන දෙදින තුළ මඩකලපුවේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කාන්තා සංවර්ධන නිලධාරීන් සහ සිවිල් සමාජ සංවිධාන දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් පැවැත්වීමට නියමිත බව පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සන්ධානය සභාපති, පෝෂණවේදී රොෂාන් දෑලබණ්ඩාර සිළුමිණට පැවසීය.

දීප ව්‍යාප්තව සිදු කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහනේදී මූලික වශයෙන් ආහාර සුරක්ෂිතතාවය, ගෘහ මුල්‍ය පරිපාලනය, පෝෂණය සහ ව්‍යායාම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරෙන අතර ඔවුන් මාර්ගයෙන් ග්‍රාමීය ප්‍රජාව දැනුම්වත් කිරීම මෙහි ඇරමුණ වී තිබේ.

මේ වනවිට අවුරුදු 5ට අඩු ළමයින්ගේ 17%ක් මන්දපෝෂණයෙන් පීඩා විඳින අතර පාසල් යන වයසේ පසුවන වයස අවුරුදු 5ත් 17ත් අතර වයසේ පසුවන සෑම දරුවන් දසදෙනකුගෙන් දෙදෙනකුම මන්ද පෝෂණයෙන් පෙලෙන බව ලංකා පෝෂණ වෛද්‍ය සංගමය පෙන්වාදෙයි.

 

Comments