ගාලු මුව­දොර සොර­කම් රැසක් | සිළුමිණ

ගාලු මුව­දොර සොර­කම් රැසක්

 ගාලු මුවදොර විරෝධතා පැවැත්වෙන අරගල භුමියේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සිකුරාදා (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අතර යතුරු පැදි ත්‍රිරෝද රථ සොරකම් කිරීම් මෙන්ම ජංගම දුරකථන සොරකම සහ මුදල් සොරකම් පිළිබඳවද වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එහි සිටින පුද්ගලයන් අතර ආරවුල්ද ඇතිවන බව ද පොලීසිය පවසයි

 

Comments