SLT-MOBITEL Adventures of Kimaki ක්‍රීඩාව නව මුහුණුවරකින් | සිළුමිණ

SLT-MOBITEL Adventures of Kimaki ක්‍රීඩාව නව මුහුණුවරකින්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL 2020 වසරේදී මුලින්ම හඳුන්වා දුන් Kimaki ජංගම දුරකථන/පරිගණක ක්‍රීඩාවේ දෙවැනි අදියර දියත් කිරීම පසුගියදා සිදු විය. නව විශේෂාංග රැසක් සමගින් වැඩිදියුණු කර ඇති මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ඩේටා සහ වටිනා තෑගි දිනා ගැනීමට අවස්ථාව හිමි වේ.

මෙය හඳුන්වා දීම සඳහා පැවති විශේෂ උත්සවයට SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ ඇතුළු SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයන් සහ, ක්‍රීඩාව නිර්මාණය කළ Arimac Lanka (පුද්.) සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ. Adventures of Kimaki ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය, තම පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සොයා යන අතර මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම්වලින් මෙම ක්‍රීඩාව සමන්විත වෙයි. සියල්ලන්ට විවෘත ක්‍රීඩාවක්වන Kimaki ක්‍රීඩාවට https://slt.lk/esports/kimaki ඔස්සේ පිවිසිය හැකි අතර, එම ක්‍රීඩාවෙහි යෙදෙන SLT-MOBITEL පාරිභෝගිකයන්ට විශේෂ ඩේටා තෑගි ද හිමි වේ.

පසුගියදා දියත් කරන ලද නව අදියර, Kimaki ක්‍රීඩාව නවතම තලයකට රැගෙන යන අතර එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපූර්වතම අත්දැකීමක් වනු ඇත.

Comments