LOLC දීප ව්‍යාප්ත මානුෂීය වැඩසටහනක් දියත් කරයි | සිළුමිණ

LOLC දීප ව්‍යාප්ත මානුෂීය වැඩසටහනක් දියත් කරයි

දිවයිනේ විශාලතම විවිධාංගීකෘත සමූහ ව්‍යාපාරය වන LOLC, ‘නිවුස් ෆස්ට්’ සමඟ එක්ව ‘LOLC දිවි සවිය’ දීප ව්‍යාප්ත මානුෂීය වැඩසටහන ආරම්භ කරන ලදී.

ශ්‍රී ලාංකීය ජනගහනයෙන් බහුතරයක් කෘෂිකාර්මික, වගාකටයුතු සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දෛනික වැටුප් ලබන ප්‍රජාවන්ට අයත්වේ, වර්තමාන ආර්ථික අවපාතය හමුවේ ඔවුන් බොහෝ දෙනෙකුට අමුද්‍රව්‍ය මිලදී ගැනීමට හැකියාවක් නොමැති අතර, ඇතමුන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිවී තිබේ. බොහෝ ජනතාවට සිය පවුල් පෝෂණය කිරීමට ප්‍රමාණවත් දෛනික ආදායමක් ලබා ගැනීමට නොහැකිවී ඇත. කඩිනම් ප්‍රජා පහසුකම් සපයන්නෙකු ලෙස පෙරමුණේ සිටින LOLC, විපත් සහ ආපදා අවස්ථාන්හිදී තිරසාර ලෙස ජාතිය පෝෂණය කර තිබේ. මෙම අසීරු හා දුෂ්කර තත්වයන් යටතේ LOLC, දිවිසවිය ව්‍යාපෘතිය හරහා දිවයිනේ වඩාත්ම අසරණ පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යළි ඉදිරිපත් වී සිටී.

 

Comments