Elephant House ‘Super Heroes’ Dialog සවිබලයෙන් ඉදිරියට | සිළුමිණ

Elephant House ‘Super Heroes’ Dialog සවිබලයෙන් ඉදිරියට

ශ්‍රී ලාංකිකයින්ගේ වඩාත් ආදරණීය සහ විශ්වසනීය අයිස් ක්‍රීම් සන්නාමය වන එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම්, ලංකාවේ අනාගත පරපුරේ දක්ෂතාවයන් සොයා යන මෙහෙවරට නැවතත් මුලපුරා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අයිස් ක්‍රීම් සන්නාමය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමඟ එක්ව, කුඩා දරුවන්ට එකිනෙකා සමඟ සහ සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ක්‍රියාකාරම්වල නිරතවීම සහ ඔවුන්ගේ අනාගත දියුණුව සැලසෙන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. Dialog සවිබලය හිමි Elephant House Super Heroes තරගාවලිය ‘Super Talent’, ‘Super Innovator’ සහ ‘Super Responsible’ යන කාණ්ඩ 3ක් යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින්, තිරසාර දිවිපැවැත්මක් උදෙසා නව්‍ය කුසලතා, දක්ෂතාවයන් සහ උත්සාහයන් හඳුනාගැනීම අරමුණු කරයි.මාස 4ක් තුළ කාණ්ඩ 3ක් යටතේ ජයග්‍රාකයින් තුන්දෙනෙකු තෝරාගනු ලබයි. සහභාගීවන දරුවන්ට සතිපතා තෑගි ප්‍රදානය කරනු ලබන අතර, සෑම සෙනසුරාදාවකම සවස 4.25ට TV දෙරණ ඔස්සේ මෙය විකාශනය කරනු ලබයි. Dialog සවිබලය හිමි Elephant House Super Heroes තරගාවලිය මගින් ශ්‍රී ලාංකීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ කුසලතා ඔප්නැංවීමට අවස්ථාව සලසාදෙමින් වටිනා ත්‍යාග ප‍්‍රදානය කරයි.

Comments