Diamond Best foods වෙතින් නවතම Jumbo Shell Pasta | සිළුමිණ

Diamond Best foods වෙතින් නවතම Jumbo Shell Pasta

නිවසේදීම ප්‍රණීත ආහාරපාන පහසුවෙන් සාදාගැනීමට කැමති කොයි කාටත් ගැළපෙන සුවිශේෂී නිෂ්පාදන පෙළක් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් (Diamond Best Foods - DBF) සමාගම මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් යනු ආහාරපාන ක්ෂේත්‍රයේ දශක 6 කට වැඩි පළපුරුද්දක් හිමි සමාගමක් වන අතර, ජම්බෝ ෂෙල් පැස්ටා යනු එහි ජනප්‍රිය නිෂ්පාදන එකතුවට අලුතින්ම එක්වන නිෂ්පාදනයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් සමාගමේ මොහමඩ් අලි ෆාමි කියා සිටියේ, රෝසා පැස්ටා (Roza pasta) යනු 100% ක්ම දේශීය නිෂ්පාදන එකතුවක් බවයි. “අපගේ පැස්ටා නිෂ්පාදන මේ වනවිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙනවා. පැස්ටා ඉතාලියේ සාම්ප්‍රදායික ආහාරයක් වුවත් අපගේ පැස්ටා 100% ක්ම දේශීය නිෂ්පාදනයක්. අප මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ සාම්ප්‍රදායික වට්ටෝරුව වලට අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරමිනුයි. ශ්‍රී ලංකාවේ වෙ‍ෙළඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙන ජම්බෝ ෂෙල් පැස්ටා අපගේ අනෙකුත් නිෂ්පාදන මෙන්ම ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇතැයි කියා අප සිතනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය. ජම්බෝ ෂෙල් පැස්ටා නිෂ්පාදනය කරනු ලබන්නේ සුවිශේෂී ක්‍රමවේදයකට අනුව ය. මෙම පැස්ටා වර්ගයට ආවේණික හැඩය ලබාගැනීම සඳහා එම සුවිශේෂී ක්‍රියාවලිය අතිශයින් වැදගත් වේ. මෙම පැස්ටා වර්ග භාවිතයෙන් ඉතාමත් රසවත් ආහාර පෙළක් නිවසේදීම පිළියෙල කරගත හැක. ලොව ප්‍රමුඛතම සූපවේදීහු මිචෙලින් තරු හිමි ආපනශාලා වලදී සුවිශේෂී ආහාර වර්ග පිළියෙල කිරීම සඳහා ජම්බෝ ෂෙල් පැස්ටා භාවිතා කරති.

 

Comments